Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:23 - Sinhala Revised Old Version

23 ඔවුන් යාත්‍රාකරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුළඟක් විලට පහත්වී ඒ පිට හැමුවේය; ඔරුවට වතුර පිරෙමින් ඔව්හු අන්තරායට පැමින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:23
13 හුවමාරු යොමු  

තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවකට නැගී: අපි විලෙන් එගොඩ යමුයයි ඔවුන්ට කීසේක. එවිට ඔව්හු ඔරුව දියත්කළෝය.


අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.


ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,


ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද? නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.


අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රාකරන්ට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත්වුණෙමුව; තෙසලෝනිකයේ මකිදෝනියෙක්වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේය.


අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්