ලූක් 7:45 - Sinhala New Revised Version 2018 ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය. Sinhala New Revised Version ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය. සිංහල කාලීන පරිවර්තනය ඔබ, මා සිප ගත්තේ නෑ. එනමුත් මෑ, මෙහි ආ වේලේ පටන් නො නැවතීම මගේ පා සිප ගත්තා. Sinhala Revised Old Version නුඹ මා සිම්බේ නැත. නුමුත් මෑ මා ආ වේලේ පටන් මාගේ පාද සිඹීමෙන් නැවතුණේ නැත. |
එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ.
මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.
උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි.
ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.
පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.