ලූක් 5:9 - Sinhala New Revised Version 2018 මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. Sinhala New Revised Version මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. සිංහල කාලීන පරිවර්තනය මන්ද හසු වූ මසුන් තොගය නිසා, ඔහු ද ඔහු සමඟ සිටියවුන් ද අන්ද මන්ද වූ බැවිනි. Sinhala Revised Old Version මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිතවූවෝය. |
ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.
සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, “බිය නොවන්න, මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක.
සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය.