Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 4:36 - Sinhala New Revised Version 2018

36 සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:36
10 හුවමාරු යොමු  

දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිත ව, “මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණි”යි කී හ.


ඒ දුටු සියල්ලෝ ම මවිත වී, “මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන් උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.


එය ඇසුවෝ අතිශයින් මවිත ව, “උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.


ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ.


උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙ‍න් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ.


උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්