උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
ලූක් 4:23 - Sinhala New Revised Version 2018 එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා, Sinhala New Revised Version එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා, සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා. Sinhala Revised Old Version එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත. |
උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.
තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ.
උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.
උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක.
ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.
නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”
මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.