Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 5:16 - Sinhala New Revised Version 2018

16 මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:16
19 හුවමාරු යොමු  

එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “මම නම් නොඑමි. මාගේ ම රටටත්, මාගේ ම නෑයන් වෙතටත් මම පිටත් ව යන්නෙමි”යි කීවේ ය.


මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ.


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.


ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.


ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි.


බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.


ඕනෑ නම් මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නම්, මට ඊටත් වඩා එසේ කළ හැකි ය.


ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.


එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.


එසේ නම්, මාගේ වාසස්ථානයේ ඔප්පු කරන්නට මා අණ කර තිබෙන මාගේ යාගයටත්, මාගේ පූජාවටත් නුඹ අගෞරව කරන්නේත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොටස්වලින් නුඹේ පුත්‍රයන් තර කරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරව කරන්නේත් මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්