Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:23 - Sinhala Revised Old Version

23 එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:23
20 හුවමාරු යොමු  

උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණිසේක; ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය.


උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක.


එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.


එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්:


නොහොත් නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා: සහෝදරය, නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට ඉඩදෙන්නැයි සහෝදරයාට කියන්ට නුඹට කෙසේ හැකිවේද? වංචාකාරය, පළමුකොට නුඹේම ඇසෙන් දැවය අරන්දමන්න, එවිට නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට නුඹට හොඳහැටි පෙනෙනවා ඇත.


උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.


උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද?


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය.


උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.


උන්වහන්සේ ගලීලයේ නුවරක්වූ කපර්ණවුමට පැමිණ, සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක.


යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්