මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
ලූක් 3:22 - Sinhala New Revised Version 2018 ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි. Sinhala New Revised Version ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි. සිංහල කාලීන පරිවර්තනය ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මාගේ මහත් ප්‍රසාදය ඔබ සමඟ යැ” යි අහසින් කටහඬක් නික්මුණේ ය. Sinhala Revised Old Version ශුද්ධාත්මයාණන්වහන්සේ රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය. |
මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.
ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ.
එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක.
ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය.
එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක.
තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.
“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.
තවද, ජොහන් සාක්ෂි දරමින්, “ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි;
පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, “මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත.
දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.
අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය.
මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.