“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.
ලූක් 21:6 - Sinhala New Revised Version 2018 “ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක. Sinhala New Revised Version “ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය කතා කරමින්, “ඔබ දකින මේ දේවල් ගැන කියනවා නම්, මෙතැන ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමනු ලබන දවස් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක. Sinhala Revised Old Version නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක. |
“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.
එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ ”
‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.
පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.
“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.
එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක.
“ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.