Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:6 - Sinhala Revised Old Version

6 නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 කතා කරමින්, “ඔබ දකින මේ දේවල් ගැන කියනවා නම්, මෙතැන ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමනු ලබන දවස් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:6
20 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක.


නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.


පාළුව තිබෙන සියොන් කන්ද නිසා–අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.


එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.


ලෙබනොන්, නුඹේ කිහිරි ගස් ගින්නෙන් දාලායන පිණිස නුඹේ දොරවල් අරින්න.


රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.


යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.


මේ ගෘහය ෂීලෝ මෙන් වන්නේය කියාත් මේ නුවර වැසියෙක් නොසිටින හැටියට පාළුවන්නේය කියාත් නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවේ මක්නිසාදැයි කීවෝය. මුළු සෙනඟ යෙරෙමියාට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි එකතුවුණෝය.


මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.


එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.


ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදුවෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්