ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
ලූක් 19:8 - Sinhala New Revised Version 2018 සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය. Sinhala New Revised Version සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් සාකෙවුස් නැගිට, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න! මගේ වස්තුවෙන් බාගයක් දිළිඳුන්ට මා දෙනවා ස්වාමිනි, යමකුට මා යම් වංචාවක් කර ඇත්නම් එමෙන් හතර ගුණයක් ආපසු ගෙවනවා” යි කීවේ ය. Sinhala Revised Old Version සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.
ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පනත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය;
එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.
ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති.
“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත.
ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.
“වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය.
මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”