එහි අතක් පණ නැති මිනිසෙක් විය. සමහර අය උන් වහන්සේට වරද තබන පිණිස, “සබත් දිනයේ දී සුව කරන්න යුතු දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.
ලූක් 14:3 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ කතා කරමින්, “සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ කතා කරමින්, “සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක. සිංහල කාලීන පරිවර්තනය එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද ඇසූසේක. |
එහි අතක් පණ නැති මිනිසෙක් විය. සමහර අය උන් වහන්සේට වරද තබන පිණිස, “සබත් දිනයේ දී සුව කරන්න යුතු දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.
ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ.
එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.
ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද?