ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 12:7 - Sinhala New Revised Version 2018

ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 12:7
10 හුවමාරු යොමු  

එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.


ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.


ඉදින්, මිනිසෙකු බැටළුවෙකුට වඩා බොහෝ වටින්නේ නැද් ද? එබැවින් සබත් දිනයේ දී යහපත කරන්න යුතු ය”යි ඔවුන්ට වදාරා,


අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?


එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය.


එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය.


එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.