දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
ලූක් 1:54 - Sinhala New Revised Version 2018 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට, Sinhala New Revised Version අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට, සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්‍රායෙල්ට උපකාර කළේ, Sinhala Revised Old Version උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද |
දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමාණන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි.
ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.
දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.