ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 1:10 - Sinhala New Revised Version 2018

සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 1:10
7 හුවමාරු යොමු  

මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.


දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය.


ආරොන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ශුද්ධස්ථානයට ඇතුළු වී, තමා උදෙසාත්, තමාගේ ගෘහ වාසීන් උදෙසාත්, මුළු ඉශ්රායෙල් ජනතාව උදෙසාත් පව් කමා වීමේ පිළිවෙත ඉටු කර, පිටතට එන තෙක් කිසිවෙකු සම්මුඛ මණ්ඩපයට ඇතුළු නොවිය යුතු ය.


සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,


එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.


මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.


තවත් දේව දූතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.