ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 8:58 - Sinhala New Revised Version 2018

“ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 8:58
24 හුවමාරු යොමු  

උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක.


මම දෙවියන් වහන්සේ ය; සදහට ම එසේ වෙමි; මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.”


ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.


මාගේ සෙනඟෙනි, බිය නොවන්න; තැති නොගන්න. පුරාණයේ සිට අද දක්වා සිදු වන්නට යන දේ කල්තියා මා ප්‍රකාශ කළ බව නුඹලා දන්නහු ය. නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය; වෙන දෙවි කෙනෙක් සිටිත් ද? පර්වතයක් වන බලවත් අන් දෙවි කෙනෙකු ගැන අසා ඇද් ද? නැත.”


පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.


“මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය.


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති.


“පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි.


ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.


ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.


එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.


උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.


“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.


“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.


“ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.