ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 6:19 - Sinhala New Revised Version 2018

ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැදවූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 6:19
16 හුවමාරු යොමු  

ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක; මහ සයුර පිට ඇවිදින සේක.


සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.


සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.


“ ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය.


කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.


එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.


ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක.


බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය.


“ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.


තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි.


එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.


එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.


මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.