ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 4:20 - Sinhala New Revised Version 2018

එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය.

පරිච්ඡේදය බලන්න



යොහන් 4:20
20 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්නේ ය.


දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.


එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය.


එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි.


දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය.


සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.


එහෙත්, එතුමාණෝ ජුදාගේ ගෝත්‍රය තෝරාගත් සේක; සියොන් කන්දට ප්‍රේම කළ සේක.


සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?


එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ.


මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.


ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්‍රකාශ කළ යුතු ය.


“ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.