Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:12 - Sinhala New Revised Version 2018

12 “ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹලා යොර්දානෙන් එතරට පැමිණි කල්හි සෙනඟට ආශීර්වාදකරන පිණිස සිමියොන්ද ලෙවීද යූදාද ඉස්සාඛර්ද යෝසෙප්ද බෙන්යමින්ද යන මොව්හු ගෙරිසීම් කන්ද පිට සිටිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:12
10 හුවමාරු යොමු  

මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.


එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.


ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, “සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.


එවිට ලෙයා, “මාගේ සේවිකාව මාගේ සැමියාට දුන් බැවින් දෙවියන් වහන්සේ මාගේ කුලිය ගෙවූ සේකැ”යි කියා ඔහුට ඉස්සාකර් යන නාමය තැබුවා ය.


එදින ම මෝසෙස් සෙනඟට අණ කරමින් මෙසේ කී ය:


ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.


තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්