එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
යොහන් 21:23 - Sinhala New Revised Version 2018 ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක. Sinhala New Revised Version ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය ඒ කීම නිසා ඒ ගෝලයා නොමැරෙන්නේ ය යන රාවයක් සහෝදරයන් අතර පතළව ගියේ ය. එහෙත් ඔහු මැරෙන්නේ නැතැයි යේසුස්වහන්සේ කීවේ නැත. කීවේ, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද?” කියා ය. Sinhala Revised Old Version එහෙයින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතළවිය. එසේවී නුමුත් යේසුස්වහන්සේ: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකදැයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතැයි නොකීසේක. |
එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
එහි දී අපට සහෝදරයන් හමු වී, තමන් සමඟ සත් දවසක් නැවතී සිටින ලෙස ඔව්හු අපගෙන් ඉල්ලූ හ. ඉන්පසු අපි රෝමයට පැමිණියෙමු.
එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.
ඔබ යම් පමණ වර මේ පූප අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”
එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.