ජේසුස් වහන්සේ කතා කොට, “ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.
යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.
යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.
ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.
ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, “මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.
යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.
එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.
අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.
“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.