සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
මාක් 14:62 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය “මම වෙමි” යි පැවසූ යේසුස්වහන්සේ, “තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බලවන්තයාණන්ගේ දකුණු පස අසුන් ගෙන සිටිනුත්, අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔබ දකිනු ඇතැ” යි කී සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේද: එසේය. තවද මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩඉන්නවාත් අහසේ වලාකුල් පිරිවරාගන එනවාත් නුඹලා දකින්නහුයයි කීසේක. |
සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.
ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. “ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. “එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක.
එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.
පිලාත් ද, “ජුදෙව්වරුන්ගේ රජ ඔබ දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. උන් වහන්සේ උත්තර දෙමින්, “එසේ කියන්නේ ඔබ ය”යි වදාළ සේක.
මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
පිලාත් කතා කරමින්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. “එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන,
ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි.
බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.