Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:26 - Sinhala New Revised Version 2018

26 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 “එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහත් බලයෙන් හා තේජසින් යුක්තව වලාකුළු තුළ එනු මනුෂ්‍යයින් දකිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:26
15 හුවමාරු යොමු  

බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.


ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක.


එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.


“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.


එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”


මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.


“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.


සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”


තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක.


එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්