දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.
මාක් 11:1 - Sinhala New Revised Version 2018 ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, Sinhala New Revised Version ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, සිංහල කාලීන පරිවර්තනය ඔවුහු යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කඳු බෑවුමේ පිහිටි බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, යේසුස්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්, Sinhala Revised Old Version ඔවුන් යෙරුසලමට ළංව, ඔලීව කන්දට නුදුරුවූ බෙත්පාගයටද බෙතානියටද පැමිණි කල, උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්: |
දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.
ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.
උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.
“ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න.
උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට,
එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න.
එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක.
එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ.