Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:30 - Sinhala New Revised Version 2018

30 දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 දාවිත් අඬ අඬා හිස වසාගන වහන් නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:30
21 හුවමාරු යොමු  

රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.


නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.


නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”


මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ.


එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ.


දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.


උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක:


උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන,


උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,


ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.


ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.


‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි.


එවිට ශාදොක් ද අබියාතර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නැවත ජෙරුසලමට ගෙන ගොස් එහි නැවතී සිටියහ.


ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්