ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:4 - Sinhala New Revised Version 2018

“දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු පිළිතුරු දෙමින්, “දික්කසාද සහතිකයක් ලියා දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් මිනිසකුට ඉඩ දී ඇතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අත්හැරීම් පත්‍රයක් ලියා ඈ අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 10:4
7 හුවමාරු යොමු  

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.


ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


උන් වහන්සේ උත්තර දෙමින්, “මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.