යෙසායා 50:1 - Sinhala New Revised Version 20181 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය. පරිච්ඡේදය බලන්න |
ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.