එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
මතෙව් 7:24 - Sinhala New Revised Version 2018 “එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. Sinhala New Revised Version “එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. සිංහල කාලීන පරිවර්තනය “එබැවින් මාගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක්ම, පර්වතය පිට තම ගේ හැදූ නැණවතකුට සමාන ය. Sinhala Revised Old Version එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. |
එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.
මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?
එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ.
තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.
උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි.