Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:99 - Sinhala New Revised Version 2018

99 මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

99 මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

99 මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:99
16 හුවමාරු යොමු  

උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.


ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.


ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.


ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය.


පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”


හෙසකියා සමිඳාණන් වහන්සේගේ මෙහෙය ගැන දක්ෂතාව ඇති සියලු ලෙවීවරුන් දිරි ගන්වන ලෙස මිත්‍ර ලීලාවෙන් කතා කෙළේ ය. ඔව්හු සහභාගිකමේ පූජා ඔප්පු කරමින් ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් වැළඳුවෝ ය.


පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.


ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්