එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
මතෙව් 2:10 - Sinhala New Revised Version 2018 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. Sinhala New Revised Version තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. සිංහල කාලීන පරිවර්තනය තරුව දුටු ඔවුහු මහා ප්‍රීතියකින් උද්දාමයට පත් වූහ. Sinhala Revised Old Version ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. |
එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ.
රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය.
එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.
එඬේරු ද තමන්ට දන්වන ලද ලෙස ම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින් ද ප්‍රශංසා කරමින් ද පෙරළා ගියහ.
එතුමාණෝ මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක.