ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.
ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකල භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේවමාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ.
ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල් භාගය නොගෙවනසේක්දැයි කීවෝය.
තවද, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වල ද අමාවක්වල ද පිදීමේ පූප සඳහාත්, නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන යාග පූජාව සඳහාත්, නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟි කිරීමේ පාප පූජා සඳහාත්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත්, රිදී ග්‍රෑම් පහක් අවුරුදුපතා දෙන ලෙස අපට නියෝග පණවාගතිමු.
සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.
සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.
ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද?
ඔව්හු කපර්ණවුමට පැමිණියහ. උන් වහන්සේ ගෙයි සිටි කල, “ඔබ මඟ දී කුමක් ගැන විවාද කළහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.