Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 17:24 - Sinhala Revised Old Version

24 ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල් භාගය නොගෙවනසේක්දැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකල භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේවමාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 17:24
5 හුවමාරු යොමු  

ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.


ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)


ඔව්හු කපර්ණවුමට ආවෝය. උන්වහන්සේ ගෙයි සිටි කල: නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාදකළහුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.


තවද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයවූ සබත් දවස්වලද අමාවක්වලද පිදීමේ රොටි සඳහාත් නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන පූජාව සඳහාත් නියම මංගල්‍ය සඳහාත්, ඉශ්‍රායෙල් උදෙසා සමගිකම්කිරීමේ පාප පූජා සඳහාත්,


නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්