වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
විලාප ගී 3:36 - Sinhala New Revised Version 2018 මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක. Sinhala New Revised Version මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක. Sinhala Revised Old Version මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක. |
වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
“මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද? ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද? එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද?
සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”
“සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න.
නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?
“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.