ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.
විලාප ගී 2:22 - Sinhala New Revised Version 2018 මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක. සමිඳුන්ගේ උදහසේ දවසේ දී කිසිවෙක් ගැළවී ඉතිරි නො වී ය. මා සුව සේ උපදවා, ඇතිදැඩි කළ සියලු දෙන සතුරන් විසින් විනාශ කරනු ලැබූ හ. Sinhala New Revised Version මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක. සමිඳුන්ගේ උදහසේ දවසේ දී කිසිවෙක් ගැළවී ඉතිරි නො වී ය. මා සුව සේ උපදවා, ඇතිදැඩි කළ සියලු දෙන සතුරන් විසින් විනාශ කරනු ලැබූ හ. Sinhala Revised Old Version මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක, කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය. |
ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.
බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.
එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.
“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.
පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත.
ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ ”
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්‍රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්‍රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද?
ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක.
එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”