විලාප ගී 1:20 - Sinhala New Revised Version 2018 සමිඳුනි, බැලුව මැනව. මම විපතට පත් ව සිටිමි. මාගේ සිත කැළඹී තිබේ. මාගේ හදවත දෙදරා ගොස් තිබේ. මම බලවත් ලෙස කැරලි ගැසීමි. පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය. ඇතුළත ද මරණය ඇත්තේ ය. Sinhala New Revised Version සමිඳුනි, බැලුව මැනව. මම විපතට පත් ව සිටිමි. මාගේ සිත කැළඹී තිබේ. මාගේ හදවත දෙදරා ගොස් තිබේ. මම බලවත් ලෙස කැරලි ගැසීමි. පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය. ඇතුළත ද මරණය ඇත්තේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය. |
ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය; වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි; පරවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය. අහෝ, සමිඳුනි! මේ සියලු දුකින් මා මිදුව මැනව.
මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”
සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
එසේ වුව ද, නුඹලා, ‘මම නිදොස් ය; ඇත්තෙන් ම අප සමිඳාණන් වහන්සේ මා සමඟ උදහස් වී නැතැ’යි කියන්නහු ය. ‘අප පව් කර නැතැ’යි නුඹලා කියන නිසා ස්වාමීන් වන මම නුඹලාට දඬුවම් කරන්නෙමි.
වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.
“ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන ද කීර්-හෙරෙස් ගැන ද නළාවක් මෙන් දුක් හඬ නඟයි. මන්ද, ඔවුන් උපදවාගත් සම්පත් නැති වී ගොස් ඇත.
ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.
සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.
ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය. ඈට ගෞරව කළ සියල්ලෝ ම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළා දකිති. එසේ ය, ඈ සුසුම් ලා ඇගේ මුහුණ අන් අතකට හරවාගනියි.
ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය. ඇගේ වැටීම භයංකර ය. ඈට සැනසිලිකාරයෙක් නැත. සමිඳුනි, මාගේ දුක බැලුව මැනව. මන්ද, සතුරා ජය ගෙන ඇත.
මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.
“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.
වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.