ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:53 - Sinhala New Revised Version 2018

එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පළුව අබිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බින්දාය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:53
9 හුවමාරු යොමු  

ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.


එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, “ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය.


අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.


ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය.


ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත.


ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.


කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.


එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.