Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:21 - Sinhala New Revised Version 2018

21 එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, “ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, “ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:21
17 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.


“දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.


තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.


ඔහු ද, “කරදරයක් නැත. දිවැසිවර කණ්ඩායමෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවෝ ය. ඔවුන්ට රිදී කාසි තුන්දාහකුත්, ඇඳුම් කුට්ටම් දෙකකුත් දුන මැනවැ යි කියන්නට මාගේ ස්වාමියා මා එවුවේ ය”යි කීවේ ය.


ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය.


බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.


දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.


ඔහු සිය සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය.


ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, “මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය.


ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය.


ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.


එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය.


ජෝවාබ් පිළිතුරු දෙමින්, “නගරය නැති නාස්ති කිරීම ගැන අදහසක් මට කොහෙත් ම නැත.


ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය.


ඉශ්රායෙල් සෙනඟ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්