ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
විනිශ්චයකාරයෝ 7:15 - Sinhala New Revised Version 2018 මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, “නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය. Sinhala New Revised Version මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, “නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය. Sinhala Revised Old Version ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉශ්‍රායෙල් කඳවුරට හැරීගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව නුඹලා අතට පාවාදුන්සේකැයි කීය. |
ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.
ඔහුත්, මමත් එක ම රාත්‍රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය.
ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය.
එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.
එවිට ඔවුන් කියන දේ නුඹට ඇසෙන විට කඳවුරට පහර දෙන්නට නුඹ ධෛර්යවත් වන්නෙහි ය”යි වදාළ සේක. එවිට ගිඩියොන් තම මෙහෙකරු පූරා සමඟ කඳවුරේ මුර පොළේ අවි ගත් මිනිසුන් වෙත බැස ගියේ ය.
අනෙක් තැනැත්තා පිළිතුරු දෙමින්, “මෙය ඉශ්රායෙල් වැසියෙකු වන ජෝවාෂ්ගේ පුත් ගිඩියොන්ගේ කඩුව මිස අනෙකක් නොවේ. ඔහු අතට දෙවියන් වහන්සේ මිදියන්වරුන් ද සියලු සේනාව ද පාවා දී තිබේ යැ”යි කීවේ ය.
ඔහු ඒ මිනිසුන් තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොරණෑ ද ඇතුළේ පන්දම් ඇති හිස් කළගෙඩි ද දී,
“සමිඳාණන් වහන්සේ ශෙබා ද ශල්මුන්නා ද මා අතට පාවා දුන් විට මම ඔබ හැමගේ මාංසය වනයේ කටුවලින් ද ගොකටුවලින් ද ඉරා දමන්නෙමි”යි ගිඩියොන් ඔවුන්ට කීවේ ය.
එබැවින් මම ද ඔහු සමිඳාණන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත් ව සිටින තෙක් සමිඳාණන් වහන්සේට කැප ය”යි කීවා ය. ඔව්හු එහි දී සමිඳාණන් වහන්සේට නමස්කාර කළහ.
මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.