Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:14 - Sinhala New Revised Version 2018

14 එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:14
13 හුවමාරු යොමු  

තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.


එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.


හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.


ඔහු ඈට කතා කොට, “නැඟිටින්න, අපි යමු”යි කී ය. එහෙත්, උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන, සිය නිවෙස බලා ගියේ ය.


නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි?


ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.


බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.


එදා රෑ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නැඟිට කඳවුරට පහර දෙන්න; මම ඔවුන් නුඹේ අතට පාවා දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්