Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 7:15 - Sinhala Revised Old Version

15 ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉශ්‍රායෙල් කඳවුරට හැරීගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව නුඹලා අතට පාවාදුන්සේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, “නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, “නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 7:15
15 හුවමාරු යොමු  

එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.


මමත් ඔහුත් එක රාත්‍රියෙහි ස්වප්නයක් දුටිමුව; අපි එක් එක්කෙනා තම තමාට අදාළවූ අර්ථ ඇති ස්වප්නයක් දුටිමුව.


ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.


තවද මම මාගේ හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට, මාගේ ස්වාමියාගේ පුත්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි මා ගෙනාවාවූ, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කෙළෙමි.


එවිට ඔවුන් කියන දේ නුඹට ඇසුණාම කඳවුරට බැස යන්ට නුඹේ අත් බලවත්වන්නේයයි කීසේක. එවිට ඔහු තම මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරේ අයිනේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය.


අනික් තැනැත්තා උත්තරදෙමින්: මේක ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කීවේය.


ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී


ගිඩියොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ශල්මුන්නාද මා අතට පාවාදුන් විට මම නුඹලාගේ මාංසය වනයේ කටුවලින්ද වේරෑන්වලින්ද ඉරාදමන්නෙමියි කීවේය.


ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන් වන මෝවබ්වරුන් නුඹලා අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි නුඹලාට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්