විනිශ්චයකාරයෝ 5:16 - Sinhala New Revised Version 2018 එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. Sinhala New Revised Version එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ. Sinhala Revised Old Version නුඹ බැටළුපාලයන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ කුමට ඉඳගත්තෙහිද? රූබෙන්ගේ කඳුරැලි ළඟදී මහත් සිත් විමසීම් විය. |
බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය. ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය. අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.
ඔබේ කුඩා අය සඳහා නගර ද බැටළුවන් සඳහා ගාල් ද ඉදි කරන්න. ඔබ පොරොන්දු වූ පරිදි සියල්ල ඉටු කරන්නැ”යි කී ය.
එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද?
සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය.
ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.