Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:16 - Sinhala Revised Old Version

16 නුඹ බැටළුපාලයන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ කුමට ඉඳගත්තෙහිද? රූබෙන්ගේ කඳුරැලි ළඟදී මහත් සිත් විමසීම් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:16
11 හුවමාරු යොමු  

නුඹලාගේ බාලයන්ට නුවරවල්ද නුඹලාගේ බැටළුවන්ට ගාල්ද ගොඩනගා නුඹලාගේ මුඛයෙන් නික්මුණු දේ කරන්නැයි කීවේය.


ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.


මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය.


රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය.


භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.


ඉස්සාඛර්ගේ අධිපතීහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාඛර් යම්සේද බාරාක්ද එසේම විය; ඔව්හු ඔහු පස්සේ මිටියාවතට වේගයෙන් දිවූහ. රූබෙන්ගේ කඳුරැලි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය.


ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක.


රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?


එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්