තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
විනිශ්චයකාරයෝ 5:14 - Sinhala New Revised Version 2018 ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ. Sinhala New Revised Version ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ. Sinhala Revised Old Version අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, නුඹ පස්සේ, නුඹේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ. |
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
“ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය.
පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.
ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය.
ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,
බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.
ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ. සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ.