සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
විනිශ්චයකාරයෝ 21:5 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි. Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවේ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට නේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය. |
සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
“අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය.
එහෙත්, අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරි ය. මන්ද, ‘බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාවක දෙන තැනැත්තාට සාප වේ වා’යි කියා ඉශ්රායෙල්වරුන් දිවුරා තිබේ ය”යි කීවෝ ය.
ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, “මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත.
‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.
එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය.
ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.