Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:5 - Sinhala Revised Old Version

5 ඉශ්‍රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවේ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට නේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:5
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය.


ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.


ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.


එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්ට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුළෝයයි කීවෝය.


අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.


ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්