Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:6 - Sinhala New Revised Version 2018

6 ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, “මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, “මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:6
8 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.


“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.


එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නො‍දන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නො‍කර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.


තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.


ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි.


ඔවුන්ගෙන් ඉතිරි ව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමු ද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නොදෙන හැටියට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අපි දිවුළෙමු”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්