ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 19:26 - Sinhala New Revised Version 2018

එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 19:26
5 හුවමාරු යොමු  

එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.


ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.


එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය.


ඇගේ ස්වාමියා අලුයම නැඟිට ගෙයි දොරවල් ඇර තමාගේ ගමන යන්නට එළියට ගියේ ය. එවිට ඔහුගේ උපභාර්යාව වන ස්ත්‍රිය ගෙයි දොරකඩ වැටී සිටියා ය. ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේ ය.


ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඈ නැවත ගෙනෙනු පිණිස තම වැඩකාරයා ද කොටළුවන් දෙදෙනෙකු ද සමඟ ඈ කරා ගියේ ය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවා ය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේ ය.