Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:26 - Sinhala Revised Old Version

26 එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:26
5 හුවමාරු යොමු  

එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.


ඇගේ ස්වාමියා උදය නැගිට ගෙයි දොරවල් හැර තමාගේ ගමන යන්ට එළියට ගියේය. බලව, තමාගේ උපභාර්යාව වන ඒ ස්ත්‍රි ගෙයි දොරකඩ ළඟ වැටී උන්නාය, ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේය.


එවිට ඇගේ පුරුෂයා කරුණාවෙන් කථාකොට නැවත ඈ ගෙනෙන පිණිස තමාගේ වැඩකාරයාද කොටළුවන් දෙන්නෙක්ද සමඟ ඈ කරා ගියේය. ඈ තමාගේ පියාගේ ගෙට ඔහු කැඳවා ගෙනාවාය. යෞවනියගේ පියා ඔහු දැක ඔහු සම්බවුණාට ප්‍රීතිවිය.


සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය.


එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්