Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 18:12 - Sinhala New Revised Version 2018

12 එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 18:12
12 හුවමාරු යොමු  

ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.


එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි?


එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.


එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.


එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.


එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.


එවිට ඔහු කතා කොට, “ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයකු අතට ගන්නෙහි ය”යි කී ය. ඈ ද, “නැත, මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබේ දාසීට බොරු කියන්නට එපා ය”යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්