ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.
විනිශ්චයකාරයෝ 19:25 - Sinhala New Revised Version 2018 එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය. Sinhala New Revised Version එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය. Sinhala Revised Old Version එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය. |
ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.
“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ගිබියාහි පව් කරන්නට පටන්ගත් දා පටන් නුඹලා මට විරුද්ධ ව පව් කිරීම නතර කර නැත. ඒ නිසා ගිබියාහි දී ඔවුන් කරා යුද්ධය පැමිණෙන්නේ නැද් ද?
ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”
මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය.
එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.
එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය.